Colombo Today Local NewsWorld

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

විදෙස් මාධ්‍ය පවසන්නේ වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත් ව ඇති බවයි.

පළමුවෙන්ම මෙම ෆොසිලයේ කොටස් හමු වී ඇත්තේ 2003 වසරේ දී ය,

ඒ දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි.

පසු ව විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන ඇත.

එහි දිග අඩි 16ක් එනම් මීටර් 05ක් පමණ වන බවත් එම ෆොසිලය ඉතා අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවත් විද්‍යාඥයෝ පවසති.

මෙම සත්ත්වයාගේ අතිශයින් දිගු බෙල්ල හේතුවෙන් එම සත්ත්වයා මකරෙකු විය හැකි බවට අනුමාන කෙරේ.

එම සත්ත්වයා “Dinocephalosaurus orientalis” නම් විද්‍යාත්මක නමින් හඳුන්වයි.

මෙම ෆොසිලය අධ්‍යයනය කළ ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයකු වූ ස්කොට්ලන්තයේ ආචාර්ය නික් ෆ්‍රේසර් පවසා ඇත්තේ, මෙම සත්ත්වයාගේ බෙල්ල, උගේ සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන බවයි.

Related posts

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

colombotoday

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday