Colombo Today Local News

CCTV මගින් හකීම්ගේ සමීප ආශ්‍රිතයින් සොයයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදනය වීමත් සමග
ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමට පියවර ගනිමින් සිටී.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 5 වන දින පාර්ලිමේන්තු සභාවාරයට ද පැමිණ ඇති බව පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඒ අනුව CCTV කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳ හදුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවද ඒ මහතා පැවසීය.

සෞඛ්‍ය අංශවල සහය ලබා ගනිමින් ලබන සතිය තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පීසීආර් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් තමන් අද දිනයේ නිරෝධායන කටයුතු සඳහා යොමු වන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

තමන් සමඟ මීට දින 10 කට පෙර සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කරන ලෙසද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති අතර පළමු වරට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු විය.

ඔහු මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින අතර අද දිනයේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ප්‍රකාශ කර තිබේ.

Related posts

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසි

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල්තැන දී අනිත් ආගම්වලට සමතැන දෙනවා – රවී

colombotoday

ප්‍රතිපත්තිමය තීරණයන්ට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්න – මහ බැංකු අධිපති

colombotoday

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

කොකේන් ගහන කැබිනට් ඇමතිලා ගැන රන්ජන් හෙළිකරයි…

colombotoday