Colombo Today Local News

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම ගැන යළි සලකා බැලිය යුතුයි. – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව විදෙස් සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුතුවලට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන්, අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.

එහෙත් සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත්, ඊට අදාළව ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් ලබා දීමට අමාත්‍යාංශය සුදානම් බව ද, ඔහු ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා සඳහන් කළේ, සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සංචාරක අමාත්‍යාංශය මගින් අදාළ කටයුතු පූර්ණ අධීක්ෂණයකට ලක් කෙරෙන බවයි.

Related posts

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

සීමානීර්ණය මුවාවෙන් ආණ්ඩුව මැතිවරණය මගහරිනවා.. පැෆරල් කෝ.. කැෆේ කෝ.. කෝ මැකෝ

colombotoday

වෛද්‍ය අනිල් ජයසිංහගේ පුරප්පාඩුවට වෙනත් වෛද්‍ය වරයෙක් පත් කරයි

colombotoday

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Admin

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin