Uncategorized

Breaking News: රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7000ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා මිට ස්වල්ප මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

කඩවත මහර පිහිටි ශ්‍රී නමැති රෙස්ටුරන්ට් එකේ සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

රාජිත සේනාරත්න සමග පැවති මාධ්‍ය හමුවේදී අදාල රියදුරා මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේදී සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවත් තමන් එම සුදුවෑන් රථයේ රියැදුරු බවත්ය.

අනෙක් මාධ්‍ය හමුවට සහභාගී වූ අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් ටොන් 7000 ප්‍රමාණයක් තමන් කොළඹට ප්‍රවාහනය කළේ ගෝඨාභය රාජපක්ෂට ලබා දීම වෙනුවෙන් බවය.

අදාළ මාධ්‍ය හමුව…

එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් නොවැම්බර් මස 10 වැනිදා කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට පසුදින (නොවැම්බර් 11 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන එම පුද්ගලයන් දෙදෙනාව රාජිත සේනාරත්න විසින් වෙස් ගන්වාගෙන එම මාධ්‍ය හමුවට කැඳවාගෙන පැමිණි බව එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි ඩලස් අලහප්පෙරුම සඳහන් කර තිබිණ.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා දෙසැම්බර් 02 දා අධිකරණයට කරුණු වාර්තා කරමින් එම ප්‍රකාශයන්ට අදාලව විමර්ශන ආරම්භකර ඇතිබව කියා සිටියේය.

රාජිත සේනාරත්නගේ අදහස…

https://youtu.be/NhjpPq4sWek

Related posts

ජාතික ලැයිස්තුවට සුදුසුම කෙනා මමයි

Admin

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

“ප්‍රංශ ප්‍රහාරය මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම සදහා කළ කුමන්ත්‍රණයක්” ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නිවේදනය කරයි

colombotoday

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin