Colombo Today Local Newsfeatured

යාලුවෙකුගේ පියාට පිහියෙන් ඇන්නා. බෝර්න් එගේන් වුනේ මැරෙන්න යද්දී. | වික්ටර්ට දෙවියන් පෙන්නූ ප්‍රධාන පූජක කියයි.

පාසලේ ශිෂයෙකු සමග ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් ඒ පිළිබඳව විමසීමට පැමිණි ඔහුගේ පියාට පිහි ඇනීමක් තමන් සිදුකල බවත් ඒ පිළිබඳව ගත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් දවස් 28ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවත් “බොර්න් එගේන්” යැයි හඳුන්වන ඉවන්ජලිකල් ආගමික කල්ලියේ ප්‍රධාන පූජක ලෙස හඳුන්වන පාස්ටර් කිංග්ස්ලී නැමැත්තා සඳහන් කර සිටිනවා.

ප්‍රවීන මාධ්‍යවේදී කිංග්ස්ලි රත්නායක මහතා සමග සිදුකල සංවාදයකදී ඔහු පවසා ඇත්තේ, උපතින් බෞද්ධයෙකු වන තමන් වස පානය කර සියදිවි නසා ගැනීමට සිටියදී අහඹු ලෙස බයිබලයක් අතින්ගත් මුලධර්මවාදී දේවගැතිවරයෙකු හමුවීමත් සමගම මේ තත්වයට පත්වූ බවයි.

ප්‍රවීන කලාකරු වික්ටර් රත්නායක සහ නෙලූ අධිකාරී පිළිබඳව ඇතිවූ කතාබහත් සමගම “බෝර්න් එගේන්” කල්ලිය පිළිබඳව ආන්දෝලනයක් පසුගිය කාලයේදී ඇතිවී ඇත.

ඇමරිකානු නව යටත් විජිතකරණ වැඩපිළිවෙල යටතේ බිහිවූ මෙම කල්ලි විසින් ගම්වලට පැන ලෙඩ සුවකරන බව පවසා සහ මුදල් ලබා දී පුද්ගලයින් “බෝර්න් එගේන්” බවට පත්කරන අන්‍යාගමීකරන වැඩසටහනක් දියත්කරමින් සිටින බවට දිගින් දිගටම චෝදනාවට ලක්වන පිරිසකි.

මෙම කණ්ඩායම රෝමානු කතෝලික සභාවට කිසිදු සම්බන්ධයක් නැති කණ්ඩායමක් බවත් ඔවුන් කතෝලික ලෙස හැඳින්වීමෙන් වලකින ලෙසටත් මැල්කම් රන්ජිත් කාධිනල් තුමා විසින් පසුගිය දා ප්‍රකාශයක් සිදුකරන ලදි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඒජන්තයා ලෙස පුද්ගලයින් හඳුන්වන මිලින්ද මොරගොඩ මහතාට ද මෙම කණ්ඩායම සඳහා අනුග්‍රය සපයන බවට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.

Related posts

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

colombotoday

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

එකවර උණ්ඩ හයක් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin