Colombo Today Local News

මැදවච්චියේ හෝටල් හිමිකරුවෙක් විදේශක කාන්තාවන් රවටා කෝටි ගණනක මුදල් අරන්. එක් කාන්තාවක් අතුරුදහන්.

විදේශ කාන්තාවන් රවටා රජයේ රක්ෂිත තමාගේයැයි පවසමින් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට කියා කෝටි ගනම් මුදල් වංචා කළ මැදවච්චිය බූ ඔය හෝටලයේ හිමිකරු වන ටී.වී.එස්.මේනක හට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ස්විස්ටර් ලන්තයේ විදේශික කාන්තාවක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.


Christine Mary Vettertaylor නැමැති 65 හැවිරිදි මෙම කාන්තාව මේ වන විට කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද මේ පිළිබඳ පැමැණිලි කළ බව මැදවච්චියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ Christine Mary Vettertaylor මහත්මිය,
මේනක නැමති බූ ඔය හෝටලයේ හිමි කරු මා හදුනා ගන්නේ මැලේසියාවේ සිටි ඔහුගේ සහෝදරයෙක් වන අමිල මාර්ගයෙන්. මම එහි සංචාරයක ගිය අවස්ථාවේ. පසුව මට ඔහු ලංකාවට ආවම උදව් ගන්න කියලා මේනකව අදුන්වලා දෙනවා. මමත් විස්වාස කළා මේ අය. මට බූ ඔය හෝටලය සහ ඉඩම් පෙන්නලා ඒ සියල්ල ඔහුගේ කියා පැවසුවා. එහි හවුල් ව්‍යාපාර සහ මා හට නවාතැන් ගැනීමට ගොඩ නැගිල්ලක් හදන්න තීරණය කළා මේනක. මමත් කැමති වුණා. මට ප්ලෑන් එකක් එව්වා. මම සතුටු වුණා එය දැකලා. දැන් ලංකාවේ වැඩ ටික කෙරීගෙන යනවා කියලා මේනක මට පොටෝ එවුවා. මමත් ඔහු විස්වාස කරලා ඔහුට මුදල් දැම්මා. ස්විස්ට ප්‍ලෑන්ක 100,000.000.00 ක මුදලක්. මම ලංකාවට අවා දැන් සතියකට කලින්. ඇවිත් බලද්දි මේ අය මගේ මුදල් වංචා කරලා. මාව අදුනන්නේ නැති විදිහට හැසිරෙනවා. මම පසුව මේ පිළිබඳ කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටද දැණුවත් කළා. සියලු තොරෙතුරු සමග. මා ඉල්ලා සිටින්නේ මට නැවත මේ මුදල් ලබා දෙන්න කියලා. ඒ වෙනුවෙන් ලංකාවේ නීතිය කඩිනමින් ක්‍රියාත්මක වෙයි කියලා මම විස්වාස කරනවා.

බූ ඔය සම අයිතිකරු මහින්ඳ ගුණරත්න මහතා,
බූ ඔය මේනක කියන කෙනාගේ ග්‍රහණයට හසු වූ පළමු විදේශික කාන්තාව මේ නෙමේ. මීට පෙර ප්‍රංශ ජාතික කාන්තාවක් වන නදින් කියන 65 හැවිරිදි කාන්තාවක් රවට්ටලා මේ පුද්ගලයා රුපියල් කෝටි 06 ක් පමණ වංචා කරලා තියෙනවා. බූ ඔය සමූහ ව්‍යාපාරයක් ලෙස එම කාන්තාවටත් කොටස් ලබා දී මටත් 10% ක හිමිකමක් සහිතව මේ ව්‍යාපාරය ආරම්භ කළේ ගිවිසුමකින්. නමුත් එම කාන්තාව ලංකාවට පැමිණ බූ ඔය හෝටලයට පැමිණි විට පිරිසක් දම්මලා ඇයට අතවර කරන්න සැලසුම් කරලා තිබුණා මේ මේනක. ඒ අයුරින් ඒ කාන්තාව බිය වද්දවා මේ ව්‍යාපාරයට ප්‍රංශ ජාතික විදේශ කාන්තාවගේ මුදල් ගත්තට පස්සේ කාන්තාව අතුරු දහන් කරලා මේ පුද්ගලයා. අදටත් කොටි 06 ක මුදල් ව්‍යාපාරයට යෙදවූ එම විදේශික කාන්තාව පිළිබඳ තොරතුරක් නෑ. ඉන් පසු මේ ක්‍රිස්ටිනා කියන විදේශ කාන්තාව අපට හමු වුණේ බූ ඔයේ ග්‍රහණයට හසු වූ තවත් කාන්තාවක් ලෙසයි. මොහු කරන මෙම ක්‍රියාව ශ්‍රී ලංකාවට කැලලක්. වහාම මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

මැදවච්චිය-ගයාන්

Related posts

ජනාධිපතිගේ සෑම පත්කිරීමක්ම අවුල් සහගතයි

Admin

ආරක්‍ෂක අංශ ළගත් නැති රිවෝල්වරයක් සමග හතරක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව ඉවත් කරගැනීම ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට මහින්දානන්ද කියයි

colombotoday

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday

“ආයෙ ආයේ නොම ඉවසන්“.. අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday