Colombo Today Local News

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

බැදුම්කර හොරුන්ගෙන් මුදුල් අයකරගෙන ජනතාවට සහන ලබාදීම සදහා කටයුතු කල යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වෙද්දී සීමිත පිරිසක් විසින් සුර සැප විදීම සදහා ජනතා මුදල් සොරකම් කර ඇති බව ඔප්පුවී හමාරය.

දැන් රජය කල යුත්තේ බැදුම්කර කර හොරුන් විසින් සොරකම් කරන ලද ජනතා මුදල් අයකරගෙන ජනතාවට සහන ලබාදීමය. ජනතාව බදු මුදල් ගෙවන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන්ට මුදල් හොරකම් කිරීමට නොවේ.

හාල් මිල වැඩිවන විට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන විට රජය ප්‍රකාශ කලේ රාජපක්ෂ ණය ගෙවීම සදහා භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බවයි. දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්නයි.

එසේනම් එම හොරකමේ වගකීම රජය භාරගෙන වහා ඉල්ලා අස්විය යුතුය. මක්නිසාද යත් මහදවල් මහබැංකුව බිද දමන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ හා හොරුන් මහ බැංකුවේ සේවයට බදවාගෙන ඇත්තේ  අගමැතිවරයා වන නිසාය.

ජනාධිපතිතුමා කළයුතුව ඇත්තේ සොරුන් සමග ආණ්ඩු නොකර හොරුන් පන්නා දැමීමය. කෙසේ වෙතත් ජනතාව හැටියට අපට අවශ්‍ය වන්නේ  ඉක්මනින් සහන ලබා ගැනීමය. එසේ සහන ලබාදීමට රජය අසමත් වන්නේ නම් ජනතාවට සහන ලබා ගැනීම වන සටන අප ආරම්භ කලයුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

colombotoday

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපති ඊබ්‍රහීම් ඉන්සාෆ්ගේ කම්හලේ 10 දෙනාම නිදහස්.

colombotoday

ඩොලර් ගලනය සියයට 69කින් ඉහළ ගිහින්

Admin

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin