Colombo Today Local News

ඥානසාර හිමි කිසිවෙකුටවත් මරණ තර්ජන කලේ නෑ… බොදු බලෙන් පිළිතුරු

ඥානසාර හිමි සන්ද්‍යා එක්නැළිගොඩට මරණ තර්ජන කලේ නෑති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව බොදු බල සේනා සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මාගල්කන්දේ සුදත්ත හිමි පවසනවා.

එම සිද්ධිය ඇතිවූ අවස්ථාවේ තමන් එම ස්ථානයේ සිටිය බවත් කිසිසේත් ඥානසාර හිමි මරණිය තර්ජන නොකළ බවත් භික්ෂුන් වහන්සේට බෞද්ධයෙක් වරදක් කරනවානම් එය පෙන්වා දීමේ අයිතියක් තිබෙන බවත් එයට තැනක් නොතැනක් නොමැති බවත් ඒ හිමියෝ ප්‍රකාශ කළහ. “ඒ බෞද්ධ භික්ෂුවට තිබෙන අයිතිය තමයි මේ උදුරගන තිබෙන්නේ” යැයි ඒ හිමියෝ මෙහිදී ප්‍රකශ කර සිටියහ.

සමහර දේශපාලකයන් සහ විරුද්ධවාදීන් දැන් ඥානසාර හිමි ඇද තිබෙන්නේ සිවුරද? ජම්පරයද යනුවෙන් හොයන්න පටන්ගෙන තිබෙන බවත් ඥානසාර හාමුදුරුවෝ මේ ජාතිය වෙනුවෙන් කතා කලේ ජම්පරය අඳින්න බයෙන් නොවෙන බවත් “උන් වහන්සේ අපිට සිංහයෙක්” බවත් සුදත්ත හිමි මෙහිදී සඳහන් කර සිටයහ.

ඉදිරි දින කිහිපයේදී ඥානසාර හිමිට ඇප ලබා ගන්න බවත් “උන්වහන්සේ අපවත්වූ පසු කහ කොඩි දැමීමට වඩා දැන් උන්වහන්සේ සිර කර තිබෙනවා ඒ නිසා කලු කොඩි දාන්න” යැයි මගල්කන්දේ සුදත්ත හිමි ඉල්ලීමක් කර සිටියේය.

“භික්ෂුවටයි මේ අත තියලා තියෙන්නේ. යහපාලන ආණ්ඩුවට අපි කියනවා, මතක තියා ගන්න ගිය පාර සිවුරට අත තියලා මේ යහපාලන ආණ්ඩුව හොඳටම ඇන ගත්තා. තව මාස කිහිපයකින් තවත් මැතිවරණ එනවා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ඔබලාට රෙදි ගැලවෙන්න උත්තරයක් දෙයි. ඒ නිසා සුදානම් වෙලා හිටපල්ලා” යැයි වැඩි දුරටත් අදහස් දැක්වූ සුදත්ත හිමි පැවසීය.

Related posts

අගමැති එන සතියේ ඉන්දියාවට.. ත්‍රීමලේ වරාය, තෙල් ටැංකි, එට්කා ගැන එකගතාවකට එයි !

colombotoday

ඉන්ධන නැතුව කැළණිතිස්සේ ජනන කටයුතු නතර වෙයි

colombotoday

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

colombotoday