Colombo Today Local News

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු මන්ත්‍රීවරයාව ඊයේ (14)දින රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2015ත් 2019ත් අතර කාලය තුළ මෙම අවභාවිතයන් සිදුව ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් නමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නමැති අයෙකි. විශේෂයෙන්ම ලංකා සතොස ආයතනයට අනුයුක්තව තිබූ වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ඇත්තේ. හිටපු මන්ත්‍රීවරයා ඔහුගේ නිවස පිහිටි කින්නියා ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබෙනවා” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මහතාගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බවද වාර්තා වේ.

Related posts

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

පළාත්සභා අහෝසි කිරීමෙන් ෆෙඩරල් සටන නවත්වමු – ගැටඹේ නාහිමිගෙන් රටට අවවාදයක්

colombotoday

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday

“ප්‍රභාකරන්ට බැරි වූ දේ කරන්න අපි අඛණ්ඩව උත්සහා කරනවා“ – TNA උතුරේදී කියයි

colombotoday

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

colombotoday