ඉස්ලාම් අන්තවාදය නමැති පිළිකාව අතුගා දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් වුවත් කටයුතු කළයුතු බව බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා. මෙහිදී ඉස්ලාමය පිළිබද ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කල උන්වහන්සේ එක්කෝ මුන් හදන්න ඕනි. එහෙම නැත්නම් සංවාදයක් කරලා මේක අපි විසදා ගන්න ඕනි. අපෙන් පස්සේ දරුවන්ට දුක් විදින්න අපි ඉඩ තියන්නේ නෑ යනුවෙන් සදහන් කර සිටියා.
මුස්ලිම් අන්තවාදය හුරතල්කල යුරෝපා රටවල් ලේ විලක් කරන බවට අද මුස්ලිම් අන්තවාදීන් තර්ජනය කරමින් සිටින බවත් උන් වහන්සේ මෙහිදී සදහන් කළා. අද ඒ රටවල්වල වර්තමාන පරම්පරාව භීතියට පත්වෙමින් එලියට බැසීමට නොහැකි තත්වයක් හටගන ඇති අතර මතු දවසක අනාගත පරම්පරාව ඉදිරියේ වැරදි කාරයකු වීමට නොහැකි නිසා මෙවැනි ප්‍රශ්න කතා කරන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.