Colombo Today Local News

දෙරට අතර දෙවන 20යි 20 තරගය අද

අද (06) ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සිලෙට්හිදී පැවැත්වේ.

පසුගිය සඳුදා පැවැති තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.

කෙසේ නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පනවා ඇති ජාත්‍යන්තර තරග තහනම නිසා ශ්‍රී ලංකා නිත්‍ය නායක වනිඳු හසරංග මෙම තරගයට සහභාගී වන්නේ නැත.

ඒ අනුව පළමු තරගයට නායකත්වය ලබා දුන් චරිත් අසලංක අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

දෙරට අතර මේ දක්වා පන්දුවාර 20/20 තරග 14ක් පවත්වා තිබේ.

ඉන් තරග 10ක් ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

බංග්ලාදේශය තරග 4ක් ජයගෙන ඇත.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

අධිකරණයට අපහාස කළ අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් සිරදඬුවමක්

Admin

“හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයි

Admin

ඥානසාර හිමිගෙන් මිලියන 500ක් ඉල්ලා රිෂාඩ් දැමු අපහාස නඩුව ඉල්ලා අස්කරගන්න ඉල්ලයි.

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

colombotoday