Colombo Today Local Newsextremism & terrorism activities

සිංහලයෙකු සමග විවාහවූ කාන්තාවකට ෂරියා නීතිය ක්‍රියාත්මක කල අටළුගමදී පල්ලිය වීඩියෝ කල මාධ්‍යවේදියෙකුටත් පහර දෙයි

සිංහල ජාතිකයෙකු සමග විවාහ වූ අබ්දුල් හසන් ෆාතුමා හයිෆා නැමති මුස්ලිම් ජාතික කාන්තාවකට ෂරියා නීතිය යටතේ ගල් ගසා පාරේ ඇදගෙන ගිය බවට පසුගිය වසරේදී ආන්දෝලනයට පත්වූ අටළුගම මරාව මුස්ලිම් පල්ලිය පිහිටි ප්‍රදේශයේදී පල්ලිය වීඩියෝ කල බව පවසමින් මාධ්‍ය වේදියෙකුට පහර දී තිබෙනවා.

එම වීඩියෝ දර්ශන වාර්තා නොකරන ලෙස මාධ්‍යවේදියාට පිරිස තර්ජනය කර ඇති අතර නිරෝදායන නීතිය නොසලකමින් රාමදාන් සැමරීම සඳහා විශාල පිරිසක් අටළුගම ප්‍රදේශයේ රැස්ව සිටි බවට ද තොරතුරු වාර්තා වේ.

නජීඩ් හජ්ජියාර් නැමැත්තා…

මෙම නොසන්සුන්තාවය සිදුවූ අවස්ථාවේදී අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති නජීඩ් හජ්ජියාර් මොහොමඩ් නජීඩ් නැමැත්තා ද මෙම ස්ථානයට පැමිණ සිටි අතර ඔහු අබ්දුල් හසන් ෆාතුමා හයිෆා නැමති මුස්ලිම් ජාතික කාන්තාවට අඩත්තේට්ටම් කිරීම සම්බන්දයෙන් පානදුර අධිකරණයේ විභාගවන B 64499/19 දරණ නඩුවට අවශ්‍ය කරන පුද්ගලයෙක් වන අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මැලිකමක් දක්වයි.

මේ අතර අටළුගම ප්‍රදේශය තබ්ලිග් ජමාත් බලකොටුවක් වන අතර සිවිල් නීතිය පිළිනොපදින ප්‍රදේශයක් බව අවට ප්‍රදේශවල පිරිස් චෝදනා නගයි. අටළුගම ග්‍රාමය මැදින් යන ඕනෑම පුද්ගලයෙකුට එය මනාව පෙන්නුම් කරන කාරණයක් වන අතර Colombo Today ඒ පිළිබඳව අවස්ථා ගණනාවකදී හෙළිදරව් කිරීම් රාශියක් සිදු කර සිටියා.

Related posts

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

රත්තරන් මිල තවත් නගී

colombotoday

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

Admin

හමුදා රෝහලෙන් එන්නත එපා කිවූ සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ රාසමානික්කම් එන්නත විද ගනී

colombotoday