Colombo Today Local News

නීතිඥ සංගමයේ ලේකම්ගේ පියාට අල්ලස් චෝදනා

පසුගිය 3 වැනිදා”රට වනසපු හොරු වළපල්ල තොග පිටින් හෙළිදරව්ව” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳී මහතාගේ පියා වන ජගත් බාලපටබැඳී මහතාට අල්ලස් චෝදනා තිබෙන බව පවසමින් ප්‍රහාරයක් එල්ල විය.

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ සභාපති බාලපටබැඳී මහතා අල්ලසක් ගෙන ඔහු සභාපතිත්වය දරන අල්ලස් කොමිසමේම පැමිණිල්ලක් තිබෙන බවත් අදාළ පැමිණිල්ල වාහනයක් එකලස් කිරීමේ නිදහස් කිරීම වෙනුවෙන් තිබෙන බවත් සඳහන් කර සිටි ජවිපෙ නායකයා “අපේ රට මේ දුෂණයේ අල්ලසේ ගොදුරක් වුනු අහිංසක දුපතක්” යැයි හැඳින්වීය.

අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ චෝදනාව එල්ලකරන අවස්ථාවේදී නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික නීතිඥ උපුල් කුමාරප්පෙරුම ද එම ස්ථානයේ සිටීම විශේෂත්වයකි. ඔහු 2015 වසරේ පැවති මැතිවරණය සඳහා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ සිටින දෙමටගොඩ ඊබ්‍රහිම් සමග එකට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ නීතිඥවරයෙකි.

අරගලකරුවන් වෙනුවෙන් නීතිඥ සංගමය සෘජු ලෙස පෙනී සිටිමින් සිටින අවස්ථාවක, වෙනත් ලිපිගොනු විශාල ප්‍රමාණයක් තිබියදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සහ හිටපු අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳී මහතා ඉලක්ක කිරීමේ යටි අරමුණ නීතිඥ සංගමයේ ලේකම් ධුරයේ කටයුතු කරන ඉසුරු බාලපටබැඳී මහතා අපහසුතාවයට පත් කිරීම බව බොහෝ දෙනා පවසයි.

Related posts

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කිරීම මෙලෝ රහක් නැති වැඩක් – අජිත් පි පෙරේරා කියයි

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday

කොසොල් රජතුමා දුටු සීන දාසැය – දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2

colombotoday