Colombo Today Local News

විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි මුස්ලිම් කොළණි ඉවත් කරන්නැයි විගණන වාර්තාවෙන් නිර්දේශ

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා 2017 .10. 05 වැනි දින මන්නාරමේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා මන්නාරම දිසාපතිවරයා නොමග යවමින් හා බලපෑම් කොට අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා යැයි පවසමින් ඔහුගේ දේශපාලන හිතවතුන්ට විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි විලන්තියිකුලම් වනරක්ෂිතයෙන් අක්කර 650ක් ලබාදී ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විගණකාධිපති දේපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ෂණයකදී එම වන රක්ෂිතය අයත් මුලාලි ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍ර‍කාශ කොට ඇත්තේ 2017. 01. 04 දිනවන විට එම භූමියේ පවුල් 160කට නිවාස ඉදිකර ඇති බවයි.

මේ අතර ඉන් නිවාස 127ක පමණක් පවුල් පදිංචි වී සිටි බවයි. අර්ධ වශයෙන් ඉදිවූ නිවාස 137ක් සහ නිවාස ඉදිකර නොමැති එළි පෙහෙළි කරන ලද ඉඩම් කට්ටි 706ක් තිබුණු බවද ඔහු එම විමර්ශණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම භූමියේ පදිංචි වී සිටින්නේ පුත්තලම ප්‍රදේශයේ ඡන්ද හිමි නාම ලේඛනයේ සඳහන් පුද්ගලයන් බවද අදාල විමර්ෂණයේදී හෙළි වී තිබීම විශේෂත්වයක්.

අදාළ ප්‍රදේශයේ පදිංචි කිරීමට කටයුතු කරන්නේ යුද්ධයෙන් අවතැන් වූවන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරින් පලවා හරින ලද මුස්ලිම් ජනතාව බව 2013 වසරේ අගෝස්තු මාසයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මීට පෙර ප්‍ර‍කාශ කර තිබුනා.

විලන්තියිකුලම් වන රක්ෂිතයේ ඉඩම් කට්ටි කිරීම සහ යළි පදිංචි කරවීම ලංකාවේ පවතින ඉඩම් නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් දැනට එම භූමියේ ස්ථාවරව පදිංචි වී සිටින සියයට 20කට ආසන්න ප්‍ර‍මාණයට වෙනත් සුදුසු ඉඩම් ලබා දී ඔවුන් විලන්තියිකුලම් වන රක්ෂිතයෙන් ඉවත් කරන ලෙස ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විගණන වාර්ථාවක සඳහන් වී ඇති බවයි එම දෙපාර්ථමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහාන් කරන්නේ.

hirunews

Related posts

එතනෝල් කාරයෝ ජාවාරම්කාරයෝ එක්ක ෆේස් ටූ ෆේස් හැප්පෙන්න මට ගිනි අවියක් ඕනමයි – රන්ජන්

colombotoday

ශත 25ක්ව තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමයි

Admin

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

ආපදාවෙන් මියගිය ගණන 9 දක්වා ඉහළට.. 38000ක් විපතට පත්වෙයි… මහ වැසි තවදුරටත්

colombotoday

ප්‍රමිතියෙන් තොර පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනගත කරයි

Admin