තනතුරු නොලැබීම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින මන්ත්‍රීවරු එකතු කර ආණ්ඩුපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මේ සඳහා මූලික වී කටයුතු කරනු ලබන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි බවයි එම වාර්තා සඳහන් කර සිටින්නේ. කලකිරීමෙන් සිටින අමාත්‍යවරු දෙදෙනෙක් සමග මෙම නව කණ්ඩායම ගොනු කිරීම ට මුලපුරා ඇත.
කෙසේ වෙතත් හිටපු අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ද පූජ්‍ය අතුරලියේ රතන හිමි හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව සඳහා පැමිණීමේදී හිතවතෙකුගේ වහනයක් බාවිතා කිරීමට තරම් චම්පික රණවක මන්ත්‍රීවරයා ප්‍රවේසම් වී ඇති බව ද දැනගන්නට ඇත.