Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගැසූ අටළුගම මුස්ලිම් ජාතිකයාට බරපතල වැඩ සහිත වසර 06ක සිරදඬුවම්.

2020 දෙසැම්බර් 02 වැනිදා අටුලුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ මුස්ලිම් ජාතිකයාට අධිකරණයෙන් දඬුවම් දී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා චෝදනා තුනකට වැරදිකරු වී ඇති අතර එක් චෝදනාවකට වසර 2 බැගින් වසර 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට අමතරව රුපියල් 10 000ක දඩයක් ද අකරතැබ්බයට මුහුණදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 4 දෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4ක වන්දි මුදලක්
ද එය නොගෙවන්නේනම් තවත් වසර දෙකක සිර දඬුවමක් ද අධිකරණයෙන් නියම කර ඇත.

කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස එම පුද්ගලයාව හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකට රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් හා තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ගොස් තිබේ. එහිදී එම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“මේ සම්බන්ධව අදාළ පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩු පැවරීම සිදුකළා පානදුර අධිකරණයේ දී ඒ අනුව ඔහුට විරුද්ධව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා. රජයේ නිලධාරියෙකුගේ රාජකාරියෙකුට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම, රජයේ නිලධාරියෙකුගේ නියෝගයකට අවනත නොවීම ආදි චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා. අද දිනයේ දී අධිකරණය විසින් ඔහුගේ වරද පිළිගැනීම මත අදාළ පුද්ගලයා වරදකරු බවට පත්කර තිබෙනවා. මේ සියලු කරුණු සලකා බලා චෝදනා තුනකට වසර 2 බැගින් වු සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේම රුපයල් 10,000 දඩයක් ද නියම කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා බන්ධනාගාරය විසින් රැගෙන ගොස් තිබෙනවා. “

Related posts

ප්‍රභාකරන් මැරුවේ මගේ බළකායෙනුයි.. එදා මේව කීවනම් කමල් ගුණරත්නගේ ඇදුම ගලවනවා

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

colombotoday

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

අල් හුසේන්ට එරෙහිව විරෝධතා කළාට විමල් ඇතුළු 7ක් උසාවි කැදවයි.. ලක්ෂය බැගින් ඇප

colombotoday

විදුලි බිලට එරෙහි වූ හිමිනමක් ඇතුළු විරෝධතාකරුවන් 6ක් අත්අඩංගුවට

Admin