පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රිවරුන්ගේ අනුමැතිය ලැබෙනවා නම් ගල් අරක්කු මිල අඩු කළ හැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසුවේය.
පොඩි මිනිහා පාවිච්චි කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතු බව තමාද අදහස් කරන බව සමරවීර මහතා පැවැසුවේය.
සමරවීර ඇමැතිවරයා මේ සඳහන කළේ සුරාබදු ආඥාපනත යටතේ ඉදිරිපත් වූ නිවේදන තුනක් පිළිබඳව පැවැති විවාදයේදීය.