Colombo Today Local News

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් සහ නිවාස ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ගේ නම් ලැයිස්‌තුව ඇතුළත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව දැන් තිබෙන්නේ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ බව ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (31දා) ට කීවේය.

එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මීට මාස ගණනාවකට පෙර ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බවද එම දිනය කවදාදැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකි බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම වාර්තාව ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන බව දැනගත් තමන් අදාළ මන්ත්‍රීවරුන් 118 දෙනාගේ ලැයිස්‌තුව ඉල්ලා සිටි නමුත් එය ලබාදිය හැක්‌කේ අවුරුදු තිහකට (30) පසුව බව එම දෙපාර්තමේන්තුව විසින් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  කීවේය.

අදාළ නම් ලැයිස්‌තුව ලබා ගැනීමට අවුරුදු තිහක්‌ බලා සිටීමට අවශ්‍යතාවක්‌ නැතැයි පැවසූ දයාසිරි ජයසේකර මහතා එය ඉක්‌මනින් ලබාගත හැකි ක්‍රමවේද ඇති බවද කීය.

අප මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල් පියතිස්‌ස රණසිංහ මහතාගෙන් විමසා සිටියෙමු.

ලේඛනාරක්‌ෂක නීතියට අනුව ජනාධිපති කොමිෂන් සභාවක වාර්තාවක්‌ බාහිර පාර්ශ්වයන් වෙත නිකුත් කිරීමට ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන්නේ වසර තිහකට පසුව බව රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වාර්තාව භාරදී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට බැවින් පළමුව එම කාර්යාලයේ තොරතුරු නිලධාරියාගෙන් අදාළ වාර්තාව හෝ එහි කොටස්‌ තොරතුර දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටීමට ඕනෑම කෙනකුට අයිතිය ඇතැයිද රණසිංහ මහතා කීවේය.

අදාළ තොරතුරු ලබාදීම එම නිලධාරියා ප්‍රතික්‌ෂේප කළොත් ජනාධිපති ලේකම්වරයා වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමට තොරතුරු ඉල්ලුම්කරුට අයිතිය ඇතැයිද හෙතෙම කීවේය.

ජනාධිපති ලේකම්වරයාද සති තුනක්‌ ඇතුළත අදාළ තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත යළි අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමට ඉල්ලුම්කරුට අවස්‌ථාව තිබෙන බව කී අධ්‍යක්‌ෂ ජනරාල්වරයා එහිදී අදාළ පාර්ශ්වයන් කැඳවා මේ පිළිබඳ විමසීමක්‌ කරනු ඇතැයි ප්‍රකාශ කළේය.

Related posts

ඌරු මස් කෑම අවධානම්

Admin

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

colombotoday

රට බෙදෙන ව්‍යවස්ථාව පරදන්න අපිත් එනවා.. උලමා පක්ෂයෙන් බොදු බලේට ලිපියක් !

colombotoday

ඉන්නවද.. යනවද? ඇමති රවී තීරණයක් ගන්න යයි !

colombotoday

කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයෙන් බාධා.. ඇමතින් විදුර ගොලුයි

Admin

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

colombotoday