Colombo Today Local News

රනිල් එලවන්න දත කෑ රාජ්‍ය ඇමති ඇලෝසියස්ගෙන් මිලියන 3ක චෙක් අරන් මාට්ටුයි

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ගත් දේශපාලඥයන් අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වෙනුවෙන් ඉහළ හඬක් නගන දෙවන පෙල රාජ්‍ය ඇමතිවරයෙකු සිටින බව ද වාර්තා වෙයි.

මෙම ඇමතිවරයා සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් හරහා රුපියල් මිලියන 03ක චෙක්පත් මාරු කර ඇති බවට වන තොරතුරු හෙළි වේ යැයි බියෙන් මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වෙනුවෙන් හඬ නැගීම අතහැර තිබෙන බව ද සඳහන් ය.

මෑතකදී ඔහු තම හිතවතෙකු හා පවසා ඇත්තේ තමනට ගැලවීමක් නොමැති බවත් පක්ෂ ප්‍රතිසංවිධාන වෙනුවෙන් පෙනී සිටීම කලකට කල් දැමූ බවත්ය.ඔහු බැදුම්කර අල්ලස් ගත් 118 දෙනා ගැන කිසිදු අදහසක් මේ වන තෙක් ප‍්‍රකාශ කර නැත.මේ අතර වාර්තා වන්නේ ඉදිරියේදී යොදාගෙන සිටි රූපවාහිනී සංවාදයක්ද ඔහු විසින්ම අවලංගු කර ඇති බවකි.

දේශය

 

Related posts

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

ජනපතිට අග මුල පටලවයි.. එළියට දාන්න කලින් බැදුම්කර වාර්තාව සංශෝධනයට සැරසෙයි !

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday

“මාස හතරක් ගියත් අප රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙළක් නැහැ”

colombotoday

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday