අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙනවා.
ඒ අපේ ජනබල පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා 4කට වැරදිකරු කරමින් රතන හිමියන්ව පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුවයි.
මෙම තීරණය එම පක්ෂය විසින් අද (15) දින මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.