Colombo Today Local News

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව සම්මත්වුවහොත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරියෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (29දා) පාර්ලිමේන්තුවේදි පැවැසීය.

” අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළේ සද්භාවයෙන් නම් එම යෝජනාව සම්මතවුවහොත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි. මේ රටේ ජනතාවට අගමැතිවරුන් දෙදෙනෙක් නඩත්තු කරන්න බෑ” යැයි ඔහු සඳහන් කළේය.

එම යෝජනාව ඡන්ද 123කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය.

Related posts

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday