මැයි 9 වන දා නිට්ටඹුව නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු නිට්ටඹුව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
අනෙක් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.