Colombo Today Local News

උලමා සභාවේ බලය අත්පත් කර ගන්න අන්තවාදීන් දෙකට බෙදී සීතල යුද්ධයක.

වර්තමාන උලමා සභාවේ ආර්ථික ජිහාදය හේතුවෙන් මුස්ලිම් සමාජය සිංහල සමාජයෙන් කොන් වු බව සඳහන් කරමින් උලමා සභාවට විරුද්ධව එහි දෙවනපෙල තනතුරු ලාභීන් ච්න්තන ජිහාදයක් ආරම්භ කර ඇත. ඉහ්වාන් මුස්ලිම් නලීමිලා හා ජමාතේ ඉස්ලාමි ඉස්ලාහිලා වර්තමාන තත්වය ඉතා සුක්ෂම ලෙස තම වාසියට හරවා ගනිමින් උලමා සභාවට විරුද්ධ කැරැල්ල මෙහෙයවමින් සිටිති.

රිස්වි මුෆ්ති විරෝධී කුමන්ත්‍රණය සදහා වීරකේසරී පුවත්පත් සමුහයේ විඩිවෙල්ලි පුවත්පත මේ සදහා භාවිතා කරනු ලබයි.

මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් හඩ නගන්න හරිහමන් ජනමාධ්‍ය ආයතනයක් නොමැති බැවින් එම අඩුව පුරවනු ලබන්නේ කොටි හිතවාදීන් පුවත්පතක් ලෙස චෝදනා ලබා තිබෙන වීරකේසරී පුවත්පත් සමුහයේ විඩිවෙල්ලි පුවත්පත විසින්ය. එම පුවත්පතේ කාලාන්තරයක් තිස්සේ සේවය කරනු ලබන බහුතරයක් අන්තවාදී ඉහ්වාන් මුස්ලිම් මත දරන්නන්ය. විඩිවෙල්ලි පුවත්තේ කතෘ ද ඉහ්වාන් මුස්ලිම් නලීමි මතවාදී කාත්තන්කුඩි පුරවැසියෙකු වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන ඉස්ලාම් භක්තිකයින් ඇතුළු සියලු දෙනාගේ සිරුරු ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණය තම වාසියට භාවිතා කරමින් ඩයස්පෝරා හිතවාදී දෙමළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් මුස්ලිම් සමාජය තුලට ගෙන යාම සදහා ඉහ්වාන් මුස්ලිම් නලීමිලා පිඹුරුපත් සකසමින් සිටි. ඒ සදහා ඔවුන් 20 වන සංශෝදනයට ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් මුස්ලිම් සමාජයෙන් කොන්කරමින් සිටි.

එමෙන්ම ජනමාධ්‍ය හරහා අනාවරණය වු නැගෙනහිර සුපර් මුස්ලිම් කාණ්ඩායම් යනු රිස්වි මුෆ්ති විරෝධී සුෆි තබ්ලික් නමින් තමන්ව හදුනා ගන්නා එනම් මෙරට සම්ප්‍රදායික මුස්ලිම්වරුන් සමග කාලාන්තරයක් සිටි පැරණි තබ්ලික් මතවාදී කණ්ඩායමයි.

ඊයේ (17) විඩිවෙල්ලි පුවත්පතේ පළවූ කාටුනය

සුපර් මුස්ලිම් කාණ්ඩායම සහ සුෆි මුස්ලිම්වරුන් එකතුව උලමා සභාවේ බලය අල්ලා ගනු ඇතැයි බියවී සුපර් මුස්ලිම් යනු අන්තවාදී කාණ්ඩායමක් බව උලමා සභාවේ රිස්වි මුෆ්ති හිතවාදී කාණ්ඩායම් වැරැදි තොරතුරු සමාජ මාධ්‍ය මගීන් ප්‍රචාරය කරමින් සිටියි.

නැගෙනහිර මුස්ලිම්වරුන්ට සුපර් මුස්ලිම් කණ්ඩායම කැළලක් කල බව ඒත්තු ගන්වමින් ඔවුන්ගේ උලමා සභා විරෝධී මතවාදය අඩපණ කර, ආගමික ෆත්වා එකක් මගින් නැගෙනහිරින් සුපර් මුස්ලිම් කණ්ඩායම කොන් කර දැමිම මොවුන්ගේ අරමුණ විය. ඒ සදහා උලමා සභාවේ ප්‍රාදේශීය ශාකාවන් ප්‍රයෝජනයට ගැනිම ඔවුන්ගේ සැලසුමයි.

70 දශකයේදී මෙරටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමග මැදපෙරදිග රටවල් සමග ඇති සම්බන්ධකම් හේතුවෙන් හා සවුදි තනාපති සම්බන්ධකම් හේතුවෙන් ඇතැම් තබ්ලික් ජමාඅත් කාණ්ඩායම් මුදලට ගිජු වී වහාබි සලෆි අන්තවාදීන් සමග එකතු විය.

සුෆි මුස්ලිම්වරුන්ට එම ආර්ථික ජිහාදය සමග උලමා සභාව තුල බලය ගිලිහී එයින් දුරස් විය.

මොහොමඩ් අලි රශාඩි

Related posts

කොන්ද පණ ඇතිව තීරණයක් ගනු, අන්තවාදීන් පන්නනු ! කලාකරුවෝ ඇතුළු මහ පිරිසක් ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ…

colombotoday

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

colombotoday