Colombo Today Local Newsextremism & terrorism activities

ජමයතුල් උලමා ලොක්කෙක් තරුණයෙකු පැහැරගෙන නිරුවත්කර පහර දෙයි. – කනක් පැලිලා.. පොලීසිය නිශ්ශබ්දයි

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ගහම්පහ දිස්ත්‍රික් නිට්ටුම්බුව කහටෝවිට ප්‍රධානියා වන අබ්දුල් සලාම් මවුලවි නමැති පුද්ගලයා විසින් රතු පැහැති ප්‍රාඩෝ රථයකින් හර්ශාන් නැමති පුද්ගලයෙකු ඊයේ (5) රාත්‍රී 11.30 ට පමණ පැහැරගෙන ගොස් පාන්දර 1.30 වන තෙක් නිරුවත් කර පහර දුන් බව පහරකෑමට ලක්වූ හර්ශාන් නැමති පුද්ගලයා සඳහන් කර සිටියි.

අබ්දුල් සලාම් මවුලවිගේ දියණියගේ හොර විවාහයක් සම්බන්ධයෙන් උලමා සභාවේ නියෝජ්‍ය සභාපති මුර්ෂිඩ් මවුලවිව දැනුවත් කිරීම පිළිබඳව උරණවී මෙම පහර දීම සිදුකල බවයි වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පහර කෑමට ලක්වූ පුද්ගලයා Zoom තාක්ෂනය ඔස්සේ සඳහන් කර සිටියේ.

පහර දෙන අවස්ථාවේදී ඔවුන් වීඩියෝ කළ බවත් ටොයිලට් යෑමට අවශ්‍ය බව පවසමින් ඒ සඳහා ලැබුණු අවස්ථාවෙන් ඔවුන්ගෙන් මිදී පලා යෑමට තමන් සමත්වූ බවත් සඳහන් කර සිටි හර්ශාන් එම අවස්ථාවේදී 119 පොලිස් හදිස්සි දුරකථන අංකයට අමතා පැමිණිලි කල බවත් ගම්මුන් එකතුවී තමන්ව වතුපිටිවල රෝහලට ඇතුලත් කල බවත් පවසයි.

මේ අපරාධය සඳහා සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ගහම්පහ දිස්ත්‍රික් නිට්ටුම්බුව කහටෝවිට ප්‍රධානියා වන අබ්දුල් සලාම් ෆලහි මවුලවි නමැති පුද්ගලයාත් ඔහුගේ පුත්‍රයෙක් වන මුර්ෂිඩ් සලාම් නැමැත්තාත්, අනෙක් පුත්‍රයා වන කරාටේ මාස්ටර් කෙනෙකුත් සහ නුස්කි නැමති පුද්ගලයාත් සම්බන්ධ වූ බව පහර කෑමට ලක්වූ පුද්ගලයා පවසයි.

පහර දීම හේතුවෙන් තමන්ගේ එක් කනක් පුපුරා ඇති බව පැවසූ හර්ශාන් පහර දීමට සම්බන්ධ පුද්ගලයින් සල්ලි බලෙන් නිදැල්ලේ සිටින බවත් පැවසීය.

Related posts

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

රාජිතට ඇප නෑ

colombotoday

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කළ අයෙක් ළිඳට පනී

colombotoday

නොදන්නා දේශපාලනයට ෆොන්සේකා පැමිණීමද මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට හේතුවක්.. මංගල සරත්ට සැරටම කියයි

colombotoday

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday