Colombo Today Local News

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

“සිංහල ජනතාව කියනවා. මම Facebook එකේ හැම තිස්සෙම සාකච්ඡා කරනවා.මටනම් මැරුනට පස්සේ ඕක ආදාහනය කලත් එකයි.. පිච්චුවත් එකයි… ඒක ඒ ගොල්ලොන්ගේ මතය. ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ මතය අනික් අය බලහත් කාරයෙන් ඔබ්බගන්න ඕනි කියලා මතයක් නෑ.. අනික් අය ඊට වඩා වෙනස් විදිහට හිතනවා.” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ දෙරණ TV බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමිනි.

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුස්ලිම් මැති ඇමතිවරු කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කිරීමට පසුගියදා පැවති සරවපාක්ෂික හමුවේදී ඉල්ලීමක් කල අතර වෛරසය ආසාදනය වී මිය යන සියලුම පුද්ගලයන් ජාති ආගම් බේදයකින් තොරව ආදාහනය කිරීම පිළිබඳව කරුණු එහිදී සඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පැහැදිලි කර දෙන ලදි.

මේ අතර වර්ෂාව ආරම්භ වීමත් සමගම මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Facbook සටහනක් තබමින් විතානගේ මහත්මිය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉතා නොගැඹුරු මට්ටමක පවතින බවයි.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් ලබාදෙන හොඳම විද්‍යාඥ්ඥයාට හිමි සම්මානයෙන් ද 2018 වසරේදී පිදුම් ලබන ලදි.

Related posts

පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 12.00 ට පෙර !

colombotoday

දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයි

Admin

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

ඌව වෙල්ලස්සේ සරුසාර ඉඩම් අක්කර 62.500ක් ඇමරිකානු සමාගමකට

colombotoday

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

colombotoday

සතිපොළ මැද මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි. කුකලක් වෙන් වෙලා

colombotoday