Colombo Today Local News

අලි සබ්‍රිගෙන් අන්තර්ජාල පලකිරිම්වලට සීමා ගෙනෙන පනත් කෙටුම්පතක්. | දිලිත් ජයවීරගේ පුවත්පත වාර්තා කරයි.

අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයට යොමු කළ බව අධිකරණ අමාත්‍යාංශය උපුටා දක්වමින් අරුණ පුවත්පත වාර්තා කර ඇත.

අන්තර්ජාලය මගින් සිදුකරන අසත්‍ය සහ හැසිරවීම් මගින් ආරක්ෂාවීමේ පනත් කෙටුම්පත ලෙස මෙය නම්කර ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම 19 වැනිදා පැවැත්වීමට නියමිත ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සාකච්ඡා කිරීමට නියමිතය.

රටේ හෝ යම් ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන්, මහජන සෞඛ්‍ය, මහජන ආරක්ෂාව, මහජන සාමය හෝ රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් රජය වෙනත් රාජ්‍යයන් සමග පවත්වන මිත්‍ර සබඳතා සම්බන්ධයෙන්, විවිධ පුද්ගල කණ්ඩායම් අතර සතුරුකම වෛරය හෝ නොමනාපය පිළිබඳ හැඟීම්වලට පෙලඹවීමකට, රජයේ යම් වගකීමක් හෝ කාර්යයක් ඉටු කිරීම හෝ යම් බලයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන විශ්වාසය හීන කිරීමට යන කරුණු කෙරෙහි නීති සකස් කිරීමට කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

අසත්‍ය තොරතුරු පතුරුවන ජාලගත ව්‍යාජ ගිණුම් අක්‍රිය කිරීම, නැවත නැවතත් අසත්‍ය තොරතුරු පතුරුවන අන්තර්ජාල වෙබ් අඩවි ලාභ ලැබීමේ හැකියාවන් කපා හැරීම, ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ විනිවිද භාවය සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන අවස්ථාවලදී අන්තර්ජාල වේගය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන ගැනීමටද මෙමගින් යෝජනා කර ඇත.

Related posts

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

“අපි ලන්ඩනයේ පාටි දැම්මේ සයිවර් කඩේක.. අපිගැන දුක නැද්ද” – හිටපු ඇමති අසයි

colombotoday

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි

colombotoday

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු!

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

colombotoday