Colombo Today Local News

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරයි.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී අද (13) අලුයම 1.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් අත්ට්‍රැක්ටරය පදවා ගෙන ගිය පුද්ගලයා බව පොලීසිය සඳහන් කලේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදු වූ බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පැදවූ රියදුරුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

Related posts

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday

වව්නියාව බන්ධනාගාරයට පනවා තිබූ සංචරණ සීමා ඉවතට

Admin

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

colombotoday

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

colombotoday

වෛද්‍ය සභාවේ සැළසුමක් නැති තීරණ නිසා විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යපනය ලැබීමට යන සිසුන් පීඩාවට!

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin