Colombo Today Local NewsTop Stories

කොටි මැරූ දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය වෙයි!

1975 වසරේදී LTTE සංවිධානය විසින් වෙඩිතබා ඝාතනය කෙරුණු යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන නිලක්ෂි රගුදාස් නම් තරුණිය කැනඩාවේ මාර්කම්හි පිහිටි සිය නිවසේදී නාඳුනන තුවක්කුකරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යාපනයේ කොන්ඩවිල් හි සිට කැනඩාවට සංක්‍රමණය වී සිටි මෙම 20 හැවිරිදි තරුණිය මෙම ඛේදවාචකයට මුහුණ පා ඇත්තේ ඉකුත් සිකු­රාදා උදෑ­සනයි.

කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා ඇති මෙම නිවසට මීට පෙරද අවස්ථා දෙකකදීම වෙඩි තැබීම් සිදුව ඇති බව වාර්තා වන අතර එම සිදුවීම් දෙකම දුර සිට එල්ල වූ වෙඩි ප්‍රහාරයන් බව සඳහන්.

ඇය එම ප්‍රාන්ත­යේම පිහිටි පීල් කලා­පය භාර පොලිස් ප්‍රධා­නියා වන නිශාන් දොරේ­අ­ප්පාගේ ඥාති දිය­ණි­යකද වනවා.

වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ එම නිවෙසේ සිට දිව­ගිය සැක­ක­රු­වන් දෙදෙ­නකු කළු පැහැති නවීන මෝටර් රථ­ය­කින් පලා­යන අයුරු සීසී­ටීවී දර්ශ­න­ව­ලින් හෙළි වී ඇතැයි යෝක් කලා­පයේ පොලි­සිය ප්‍රකාශ කර තිබෙන අතර නිවෙසේ සුරතලයට ඇතිකළ ජර්මන් ශෙෆර්ඩ් වර්ගයේ සුනඛයෙකුද වෙඩි ප්‍රහාරයෙ මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම සම්බ­න්ධව තොර­තුරු වාර්තා වූ විගස එම නිවෙ­සට ගිය පොලිස් නිල­ධා­රීන් හට දැකගන්නට ලැබී ඇත්තේ අදාල තරුණිය සහ තරු­ණිය සහ තවත් තරු­ණයෙකු තුවාල ලබා බිම වැටී සිටින අයුරුයි. කඩිනමින් තුවාලකරුවන් රෝහල්ගත කර ඇති නමුත් තරුණිය එම අවස්ථාවේ මියගොස් තිබෙනවා. තරු­ණ­යාගේ තත්ත්වය බර­ප­තළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, කැනේඩියානු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවමින් සිටිනවා.

Related posts

වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිල

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

චීන නැවට ලංකාවට එන්න ඉඩ දෙන්නැයි ස්වාධීන පක්ෂ රජයට කියයි

colombotoday

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

අංක වෙනස් වෙයි – පොලීසියෙන් දැනුම්දීමක්

Admin