Colombo Today Local NewsHot News

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ මොහොතේදී, බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින බව වාර්තා වෙනවා. මේ පිළිබඳව අක්කරේපත්තු අලයාඩිවෙම්බූ ප්‍රාදේශීය ලේකම් ජගතීසන් ගෙන් ශ්‍රී ලංකා හිංදු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්ත් මහතා දුරකථනය ඔස්සේ විමසීමක් කර තිබෙනවා.

රජයේ වගකිවයුතු නිලධාරියා වශයෙන් ප්‍රාදේශීය ලේකම් ජගතීසන්ගේ පිළිතුර වී ඇත්තේ “ඔයා දගලන්නේ ඇයි? සිංහලයා උතුරු නැගෙනහිර ආක්‍රමණය කරන්න බලාගෙන ඉන්නේ හැමතැනම හමුදාව දාගෙන. ඔවුන්ට ඉඩ නොදී දෙමල කතා කරන මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ” යන්නයි.

ඊට පිළිතුරු වශයේ එන් අරුන්කාන්ත් මහතා “සිංහලයා පැමිණ ආක්‍රමණය කරන්න මේක ඔයාගේ භුදලයක්ද? මගේ භූදලයක්ද? කලපු ප්‍රදේශය කියන්නේ රටට අයිති සම්පතක්. මේවා මීලග පරම්පරාවට ආරක්ෂා කරලා දෙන එක හැමගේම වගකීමක්. එනිසා ඔබ තුමාගේ රාජකාරිය කරන්න” යනුවෙන් පවසා ඇත.

එහිදී ප්‍රාදේශීය ලේකම් පවසා ඇත්තේ ඔහුගේ නියෝගයක් අවශ්‍ය නැති බවත් පොලිසියට මේ සඳහා ක්‍රියාත්මක විය හැකි බවත්ය.

මීට ඉහතදී අප විසින් පලකළ පුවත…

කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

Related posts

අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා ආසාදිතයින් ඉහළයාම ගැන අනියත බියක් ඇති කරගන්න එපා

colombotoday

ඥානසාර හිමි පිලිබදව එල්ලාවල හිමිගෙන් විශේෂ හෙළිදරවුවක්

colombotoday

Video: අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගේන්න බෑ… බෑ… බෑමයි… – ආචාර්ය ප්‍රතිභා මහනාම

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday