Colombo Today Local News

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ දී යම් අසාධාරණයක් සිදු වී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මව්පියන්ගෙන් ඉල්ලා සිටියි.

පාසල්වල පළමු වසරට ඇතුළත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු තමන් ඉල්ලා සිටි පාසලට තේරී නොමැති සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අතර තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටීමට ද හැකියාව උදා වී තිබේ.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් යම් දරුවකු පාසලකට ඇතුළත් කළ හොත් 2019 වර්ෂය සඳහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළව එම දරුවා එම පාසලින් ඉවත් කිරීමට ද සිදුවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාසල්වලට නවක සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් අනුව සියලු විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට අදාළ ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමේදී ඉල්ලුම් කර ඇති ගණය, ඊට අදාළව ලබා ගත් ලකුණු මෙන්ම අදාළ අනෙකුත් තොරතුරුද ප්‍රසිද්ධියට පත්කරන ලෙස උපදෙස් දී ඇතැයිද සඳහන් කරයි.

පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරීත්වය පෙන්වන මෙවැනි ක්‍රියා මගින් තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීම මෙන්ම රාජ්‍ය සේවය, සාධාරණ මහජන හිතකාමී සේවයක් බවට පත්කරලිය හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියි.

Related posts

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday

කල්මුණේ, සමන්තුරේ, පොතුවිල් එක්කර අලුත් පරිපාලන දිස්ත්‍රික්කයක් බදුර්දීන් ඉල්ලයි

colombotoday

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

colombotoday

නව වසරේ ජනපතිගේ අපෙක්ෂාව !

colombotoday