Colombo Today Local News

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

ලොරි රථ රියදුරෙකු අරලගංවිල අළුත්වැව කැටේහංදිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පළා ගිය වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය එම සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර තිබුණි.

මෙම අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 39 හැවිරිදි අළුත්වැව ප්‍රදේශයේ පදංචිකරුවෙකි.

එම ප්‍රදේශයේ වී මිලදී ගන්නා පුද්ගලයෙකු මෙම අනතුර සිදුකර පළා ගොස් තිබූ අතර ඔහුගේ ලොරි රථය පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ හිසකෙස් හා ඇඳුම් කොටස්ද එහි තැවරී තිබී හමුවිය.

ඉකුත් 14 වනදා රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය පිළිබඳව තොරතුරු පොලීසියට වාර්තා වී තිබුනේ 15 වනදා සවස් කාලයේදීය.

Related posts

කොවිඩ් රෝගීන්ට පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබා ගන්නට අවස්ථාව ඉල්ලයි

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin

SMS කැම්පේන්, මඩ කැම්පේන් සමගින් නීතිඥ සංගම් නිලවරණය තුට්ටු දෙකට වැටෙයි.

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin