Colombo Today Local News

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් තිබුනේ නෑ.. හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්විමක් නොතිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු කොමිසමේ සාක්ෂි මගින්ද එය තහවුරු වී ඇති බවය.

අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය තුළ 2015 වසරේ සිට තම අවදානය යොමුකළ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (26)දින එක්වෙමින් ප්‍රකාශ කළේය.

“මේ මහා ප්‍රහාරය සිදු වුණාට පසු එදා මගේ ආණ්ඩුවෙන්ම මටත් ගහන්න ගත්තා. විපක්ෂයෙන් මට ගහන්න ගත්තා. හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ. මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නෑ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් මම ම්ලේච්ඡයෙක් නෙමෙයි. මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ ඛේදවාචකය වෙන්න මම ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මගහරින කෙනෙක් කියලා කවුරුහරි කියනවා නම් ඒක කියන කෙනාගේ මොළේ අමාරුවක් තියෙන්න ඕනේ.”

Related posts

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

colombotoday

ඇමති චම්පිකට එරෙහිව පුද්ගලික සහයකයාගෙන් පැමිණිල්ලක්

colombotoday

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

රජයේ සහනාධාර ඉල්ලා යොමු කළ අයැදුම්පත් ලක්ෂ 34ක් සමීපව අධ්‍යනය ඇරඹේ..

Admin

කුසල්ට ඇප.. රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග

colombotoday