Colombo Today Local News

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

තමා කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඊයේ (09) කැඳවනු ලැබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ උදෑසන 11ට පමණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ ඔහු පැය 9කට අධික කාලයක් තම ප්‍රකාශය ලබා දී පිටතට පැමිණීමෙන් පසු මාධ්‍යවේදීන් ට පැවසුවේ තමාගෙන් ඇසූ සියලු ප්‍රශ්නවලට උත්තර දුන් බවය.

“මගෙන් අහපු ප්‍රශ්නවලට, මම දන්න සියලු දේ සාක්ෂි විදිහට කිව්වා. මගේ අමාත්‍යාංශය යටතේ තිබුණු ආයතනයක් වන කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කටයුතු ගැන සහ අලහුඩීන් ජුවලරි අධිපති අලහුඩීන් ගැන සහ එයාගේ බෑනා වන ඉන්ශාෆ් අහමඩ් ගැන ඔවුන් අමාත්‍යාංශයේ කටයුතු සඳහා සම්බන්ධ වූ කටයුතු ගැන මම දන්න විදිහට මම උත්තර දුන්නා”.

තමා නිර්දෝෂී බවත් කිසිදු ත්‍රස්ත ක්‍රීයාවකට තමා සම්බන්ධ නොමැති බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

ඕලු මරා හෙරෝඉන් සමග අත්අඩංගුවට

colombotoday

දීපාවලී දිනය දා කොටි සිරකරුවන් නිදහස්!

colombotoday

ගල්කිස්සේ අතුරු මාර්ගයක වැටී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

colombotoday