Colombo Today Local News

අන්තවාදී මත පැතිරූ දෙදෙනෙක් අත්අඩංගුවට. එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ අයෙකුත් ඒ අතර

අන්තවාදී මත පැතිරවීම සහ ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (25)දින පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

මෙහිදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් වන අතර ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පසුගිය දෙසැම්බර් 5 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ශ්‍රී ලංකාවට එවන ලද පුද්ගලයෙකු බවද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු විදේශගතව සිටියදී අන්තර්ජාලය හරහා විවිධ දේශන පවත්වමින් ශ්‍රී ලංකාව තුළ අන්තවාදී සහ විවිධ ආකාරයේ මතවාද ප්‍රචාරය කිරීමට කටයුතුකර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ මුදල් එකතු කිරීමටද ඔහු කටයුතුකර තිබේ.

මේ අතර ඊයේ (25) දිනයේදී මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේදී 49 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා පාස්කු ප්‍රහාරය සාධාරණීයකරණය කරමින් මත ඉදිරිපත්කර තිබූ පුද්ගලයෙකි.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවෙකු වන සහරාන්ගේ සමීපතමයෙකු බවට ද ඔහුව හඳුනාගෙන තිබේ.

මඩකලපුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුව අත්අඩංගුවටගෙන ඇත.

සැකකරු කොළඹට රැගෙනවිත් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙරට අන්තවාදය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විවිධ කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කටුනායකදී CID අත්අඩංගුවට

colombotoday

කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්යටක මිල වැඩි කළේ ඇයි?

colombotoday

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday