Colombo Today Local News

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ වරල් රේගුවේ හිරවෙයි

හොර රහසේ අපනයනය කිරීමට සුදානම් කර තිබූ වෙළඳ සීමා පනවා තිබෙන රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් මොරවරල් තොගයක් සොයා ගෙන තිබේ.

මේ අනුව වියලි මොර වරල් කිලෝ 250ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගු, ජෛව විවිධත්වය, සංස්කෘතික හා ජාතික උරුම ආරක්ෂණ ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

වඳවීමේ තර්ජනයට ලක්වී තිබෙන මෝර විශේෂ දෙකකට අයත් මෝරුන් 300කගේ පමණ වියලි වරල් මෙලෙසින් සොයාගෙන තිබෙන බව සඳහන් ය. වැඩි දුර පරීක්ෂණ මෙහෙයවීම ශ්‍රී ලංකා රේගු, ජෛව විවිධත්වය, සංස්කෘතික හා ජාතික උරුම ආරක්ෂණ ඒකකය මගින් සිදුකරයි.

Related posts

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

කොරෝනා ආසදිතව මිය ගිය බිලිදාගේ නඩුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 26ක් පිටුවහල් කරයි

Admin

විරෝධතාකරුවන්ට යලි ජල හා කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

colombotoday