Colombo Today Local News

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (19)දින අලුයම බංග්ලාදේශය බලා පිටත්වගොස් තිබේ.

ඒ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුවය.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

නව ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු !

colombotoday

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday

ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හෙට වැඩ භාර ගනී.

colombotoday

ආණ්ඩුවට වැඩ බෑ – සාක්ෂි පෙන්වමින් මරික්කාර් ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ)

colombotoday