Colombo Today Local News

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක් සිදුවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (03)දින සහභාගි වෙමිනි.

එසේම වසරකට මළ දරු උපත් 1900ක් සිදුවේ. ඉන් 35%ම කලල ආබාධ හෝ විකෘතිතා හේතුවෙන් සිදුවන දරු උපත් බවද ඔහු පැවසීය. ලෝකය පුරා පුද්ගලයන් මිලියන 8ක් පමණ උපත් ආබාධ නිසා පීඩා විඳිති. බිලිඳු මරණවලින් 11%ක්ද කුස තුළ මියයන දරුවන්ගෙන් 10%ක්ද මියයාමට හේතුව උපත් ආබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්‍රී ලංකාවේ වසරකට බිලිඳුන් 5800ක උපත් ආබාධ සහිතව ඉපදෙන බව සඳහන් වේ.

උපත් ආබාධ සහිත දරුවන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුළදීම ඇතිවන ශරීරයේ කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරිත්වයේ විකෘතිතාවන් සහිත දරුවන්ය.

ශ්‍රී ලංකාවේ උපත් ආබාධවලට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ හෘද රෝග, ගාත්‍රා ආබාධ, පැලී තොල් ජානමය ආබාධ, ස්නායු නාළ ආබාධ, වකුගඩු ආබාධ, සුළු ආබාධ ය. මේ වන විට දරුවන් 9440ක උපත් ආබාධ හේතුවෙන් රෝහල්ගතව සිටින බවද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය.

Related posts

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

යාචකයකු තියුණු ආයුධයකින් ඇන වෙළෙඳ සැලෙට ආ පුද්ගලයෙක් ඝාතනය කරයි

colombotoday

මහ බැංකුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දමයි

Admin

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday