Colombo Today Local News

විදේශගතව සිටින ‘බඩෝවිට ලොකු’ අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ 19 වන සැකකරු ලෙස නම් කර සිටින දැනට විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “බඩෝවිට ලොකූ” නැමැත්තා වහාම අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02)දින විවෘත වරෙන්තු නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීම සලකාබැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කෙරිණි.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ 19වන සැකකරු ලෙස නම්කර සිටින දළුගොඩ ආරච්චිගේ රජිත අසංක හෙවත් බඩෝවිට ලොකූ නමැති සැකකරු එම නඩුවේ සෙසු සැකකරුවන් වශයෙන් නම් කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින්ගෙන් මත්ද්‍රව්‍ය තොග ලබාගෙන ජාවාරම්කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවය.

බඩෝවිට ලොකූ නැමැති සැකකරු මේ වනවිට විදේශයකට පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලා සිටී.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම විවෘත වරෙන්තු නිකුත්කිරීම සිදුකළේය.

Related posts

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලා

colombotoday

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin