Colombo Today Local News

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

සති දෙකක් තුළ සිදු කළ වැටලීම්වලින් වැඩි මිලට සහල් විකිණු වෙළෙඳුන් 1000 කට අධික සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන ඒකකය සඳහන් කළේ, දෛනිකව දීපව්‍යාප්තව වැටලීම් සියයක් පමණ සිදු කරන බවය.

සහල් පාලන මිල අනුව කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත් නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත් හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

කෙසේ වෙතත් කීරි සම්බා සඳහා පැවති පාලන මිල මේ වනවිට ඉවත් කර තිබේ.

Related posts

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානය

colombotoday

සියලු රජයේ පාසල් ලබන සඳුදා සිට බදාදා දක්වා නිවාඩු…

colombotoday

රවී ඇතුළු හත් දෙනාගේ පෙත්සම්වලට එරෙහිව විරෝධතා ගොනු කෙරේ

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

ජනපතිගෙන් පෙරළිකාර දේශපාලන තීන්දුවක්..

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday