Colombo Today Local News

වේල්ල වීදියේ දමා ගිය හිස නැති තරුණියගේ ඝාතනයට සැක SI සියදිවි නසා ගනී

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද සොයාගෙන ඇති අතර, ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

පසුගිය මාර්තු 1 වන දා වේල්ල වීදිය ප්‍රදේශයේ දී හිස නොමැති මළ සිරුරක් සොයාගනු ලැබු අතර එය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ කාන්තාවකගේ බවට අනාවරණය විය.

ඇය 30 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය ඝාතනය කළ පුද්ගලයා ලෙස සියදිවි හානි කරගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා හඳුනාගත් අතර, පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු නිවසින් පළාගොස් තිබුණි.

කෙසේවෙතත් අද (03) උදෑසන සෝදිසි මෙහෙයුම් කළ පොලිස් නිලධාරීන්ට පොලිස් නිලධාරියාගේ සිරුර හමුවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැනට ඇති සාක්ෂි අනුව ඔහු වස පානය කර සියදිවි හානි කරගන්නට ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Related posts

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න – ගැටඹේ නා හිමියන්ගෙන් ඥානසාර හිමියන්ට ආශීර්වාද

colombotoday

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පි ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Admin

ඇමති චම්පිකගේ රියේ තරුණයා ගැටුණු අවස්ථාවේ CCTV දර්ශන ආලාපාළු යකා ගිලලා

colombotoday

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday