World

නිවසේ වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දියක්ගෙවන්නැයි නියෝග

“නිවසේ වැඩ කිරීම වෙනුවෙන්” සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ “දික්කසාද අධිකරණයක්” පුද්ගලයෙක්ට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නියෝගය නිකුත් කර ඇත්තේ චීනය විසින් නව සිවිල් නීති ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් අනතුරුව වන අතර එම කාන්තාවට ඩොලර් 7,700ක් වන්දි ලෙස ගෙවන ලෙස අදාළ පුද්ගලයාට විනිසුරුවරයා විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චෙං නමින් හැඳින්වෙන එම පුද්ගලයා “වැන්ග්” නමින් හැඳින්වෙන සිය බිරිඳගෙන් දික්කසාදවීම සඳහා පසුගිය වසරේදී නඩුවක් පවරා ඇති අතර ඔවුන් විවාහ වී ඇත්තේ 2015 වසරේදී ය.

කාන්තාව විසින් මුලදී දික්කසාද වීම ප්‍රතික්ෂේප කර ඇති අතර නමුත් ඇය පසුව ඒ සඳහා මූල්‍යමය වන්දියක් ඉල්ලා ඇත.

“චෙං” කිසිදු දිනෙක නිවසේ වැඩ සඳහා කිසිදු සහායක් නොදුන් බවත් දරුවාගේ වැඩ කිරීමට ද කිසිදු සහායක් නොදුන් බවත් ඇය ප්‍රකාශ කර ඇත.

Related posts

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin