Colombo Today Local News

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්.. අධිබල පුපුරන ද්‍රව්‍ය.. පුද්ගල නාශක බෝම්බ කොටස් 150ක් වවුනියාවේ.

වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර වෙනුවෙන් යොදාගන්නා ඇඳුම් කට්ටල දෙකක් ඊයේ (17)දින සොයාගත් බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි. ආරක්ෂක අංශ පැවැසුවේ වවුනියාව රාජ්‍ය බුද්ධි ​සේවයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගත් බවයි.

සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල තිබූ පුපුරන ද්‍රව්‍ය වර්තමානයේදීද ජීව තත්ත්වයේ පවතින බැවින් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත අදාළ පුපුරන ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අධිබල පුපුරන ද්‍රව්‍ය රහසිගතව විකිණූ රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයකු පුපුරන ද්‍රව්‍ය සමග ඊයේ (17)දින අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ කරන ලද මෙහෙයුමකින් පසු මෙම සැකකරු ළඟ තිබී ටී.එන්.ටී. පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 24ක්, සී ​ෆෝ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් හා පුද්ගල නාශක බෝම්බ කොටස් 150ක් පමණ සොයාගෙන ඇත.

මසුන් ඇල්ලීමට යැයි කියමින් එන පුද්ගලයන්ට මේවා විකිණූ බව සැකකරු හෙළි කර ඇත. ඔහු විකුණූ බව කියන පුපුරන ද්‍රව්‍ය විවිධ සංවිධාන අතට පත්වූයේද යන්න පිළිබඳ විමර්ශනයක් පැවැත්වේ.

අත්අඩංගුවට ගත් සැකකරු බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත වූ අයෙකි. රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙකි. ඔහු සේවය කළ ‘මැග්’ නමැති සංවිධානය උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ජපාන රජය 2019 වසර අවසානයේ රුපියල් මිලියන 110ක ප්‍රදානයක්ද ලබාදී ඇත. පුපුරන ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධව නෙඩුන්කර්හි පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday

“අනෙක් ජනවර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපට නෑ. අපේ නායකයන්ටත් නෑ” – TNA

colombotoday

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනයට උප පොලිස් පරීක්ෂක සහ බැංකු කළමනාකාරවරයෙක් අත්අඩංගුවට

colombotoday