Colombo Today Local News

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

අධිකරණ නියෝග කඩකරමින් හා පොලිස් රාජකාරියට බාදා කරමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාසමානික්කම් චානක්‍යන්, එම්.ඒ සුමන්තිරන්, චාල්ස් නිර්මලනාදන්, තවරාසා කලියිඅරසන් ඇතුළු පිරිසක් පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා විරෝධතා පෙළපාළියක් සිදුකරමින් සිටියි.

ජනාධිපති නීතිඥවරයෙකුද වන එම්.ඒ සුමන්තිරන් මෙලෙස අධිකරණ නියෝග කඩකරමින් අධිකරණයට අපහස වන සේ හැසිරීම ඔහුගේ නීතිඥභාවය අහෝසි වන තරම් බරපතල වරදකි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යැයි පවසමින් අම්පාර පොතුවිල් සිට පේදුරුතුඩුව පෝලිකන්ඩි දක්වා තෙදිනක විරෝධතා පෙළපාළියක් ඊයේ (3 වැනිදා) ආරම්භ වූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ විරෝධතා කිරීම හා පෙළපාළි යාම වළකාලමින් පොතුවිල්, අක්කරයිපත්තු, කලවංචිකුඩි, හා කල්මුනේ යන අධිකරණ විසින් දේශපාලකයන් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසකගේ නමින් තහනම් නියෝග ලබා දී තිබුණි.

එමෙන්ම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ ප්‍රදේශ බල සීමාවේ මෙම 7 වැනිදා තෙක් දින හතරක කාලයක් කිසිදු විරෝධතාවක් පෙළපාළියක් සිදු නොකරන්නැයි නියෝගයක් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයද ඊයේ (03 වැනිදා) ලබාදී තිබුණි.

යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, යාපනය නගරාධිපති වී.මනිවන්නන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවණබවන්, උතුරු පළාත් හිටපු සභාපති සී.වී.කේ සිවඥානම්, එම්.කේ සිවාජිලිංගම් ඇතුළු දේශපාලකයන් හා ක්‍රියාකාරීන් 11 දෙනකුගේ නමින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමක් මත මෙම නියෝගය ලබාදී ඇතැයි යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පැවසීය.

මෙලෙස අධිකරණ නියෝග ලබාගත්තද ඊයේ පොතුවිල්වලින් ඇරඹි පෙළපාළියට එම නියෝග නිකුත් කළ බොහෝ දෙනකු සම්බන්ධ වී තිබිණි.

පොතුවිල්වලින් ආරම්භ කළ මෙම විරෝධතාව නැවැත්වීමට පොලිසිය හා ආරක්ෂක අංශ ප්‍රදේශ කිහිපයකදී උත්සාහ කළ අතර එම අවස්ථාවල දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයන් ද මතුව තිබුණි.

කෙසේ වෙතත් අම්පාරෙන් පොතුවිල්වලින් ඇරඹී පෙළපාළිය පොලිසියේ බාධා නොතකමින් ඊයේ (3 වැනිදා) දිනයෙන් මඩකලපුවෙන් අවසන් විය.

Related posts

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !

colombotoday

එජාපයේ සියලූ තනතුරු වෙනස්වෙයි. නව නායක රුවන්. උත්තරීතර නායක රනිල්.

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin