Covid 19

කොවිඩ් එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..

කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23)දින දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතව මේ වනවිට කොරෝනා අසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් 635 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවයි.

Related posts

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

colombotoday

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

colombotoday

මහනුවර පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday

තවත් කොවිඩ් මරණ 44ක්

colombotoday