Colombo Today Local News

අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙකු මරුට

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් බිළිදෙකු මියගොස් තිබේ.‍

එම අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් ගමන් කිරීමේදී ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් ගිලිහිණු දරුවා බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එහිදී ට්‍රැක්ටරයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා යක්කල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

ගෙරවිලි රැවටිලි.. ගෙන කුලී අද අලි.. කොළ එළි දැක වෙලී.. පච කෙළී පාඨලී !!

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේ

colombotoday