Colombo Today Local News

වැලිකඩ – කොළඹ බන්ධනාගාර කිහිපයක් හොරණට.

හොරණ ප්‍රදේශයේ ඉදිකරන නව බන්ධනාගාරය තුළ පුනරුප්තාපන මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දැනට වැලිකඩ සහ කොළඹ පිහිටි බන්ධනාගාර වෙනුවෙන් එම නව බන්ධනාගාරය ඉදිකිරීමට නියමිත බවය.

හොරණ ප්‍රදේශයේ අක්කර 250ක භූමියක ඉදිකරීමට යෝජිත එම නව බන්ධනාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබැලිම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එම අදහස් පළ කළේය.

“ලංකාවේ රිමාන්ඩ් සහ චෝදනාවට වරදකරුවන් වුණ සියලුම සිරකරුවන් ගත්විට 30,000ක් පමණ වෙනවා. එම 30,000 තුනෙන් දෙකකටත් වැඩි ප්‍රමාණයක් රිමාන්ඩ් සිරකරුවන් හැටියට තමයි ඉන්නේ. නමුත් අපේ ධාරිතාව 8,000 – 10,000ත් අතර. ඒ කියන්නේ සියයට 350කින් පමණ අධි ධාරිතාවයක් ඇතුළත තමයි මේ සම්පූර්ණ සිර මැදිරි සංකීර්ණයම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා සිරකරුවන්ව සිරගතකරලා සම්පූර්ණයෙන් ජීවිතය අඳුරු කරනවා වෙනුවට ඊට වඩා ඔබ්බට ගිහින් පුනරුත්ථාපනය කර ඔවුන්ව යළි සමාජ ගතකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සිර මැදිරි වෙනස් කරන්නේ කෙසේද යන අදියර උඩ ඉදගෙන දැනට තියෙන ධාරිතාව වගේ 10 ගුණයකින් අපි ගොඩනැගිලි හදනවා. හදලා සිරකරුවන්ට මානසිකව ජීවත්වීමට හැකි වට පිටාවක් හදලා ඔවුන්ගේ මාසික තත්ත්වය වැඩිදියුණු කරලා සමාජ ගතකිරීම සඳහා තමයි අපි උත්සහ කරන්නේ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මෙතන හැදෙනවා. ජාත්‍යන්තර රීතින්වලට අනුව අලුත් ක්‍රමවේදයකට මෙය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙයින් වෙන දෙයක් තමයි සම්පූර්ණයෙන් වැලිකඩ හා බොරැල්ල යන ප්‍රදේශ වෙනස් වෙනවා.“

Related posts

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

colombotoday

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

බන්දුලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin