Colombo Today Local News

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

අද (18) දිනයේ සිට දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුර ගමන් සේවා ධාවනය අද සිට සිදුකෙරේ.

උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, මරදානේ සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් අද දිනයේ සිට ධාවනය ආරම්භ කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියත් සමග පසුගිය වසරේදී සීමා කෙරුණු දුර ගමන් සේවා දුම්රිය ධාවනය මෙලෙස යළි ආරම්භ කෙරෙන්නේ මාස ගණනාවකින් පසුවය.

Related posts

“සුද්දෙක් එළිපිට බොනව දැක්කොත් අහක බලා ගන්නවා අයිසේ” ඇමති ජෝන්ගෙන් පොලීසියට උපදෙස්

colombotoday

මෙගා ඩීල් එකක්! වටිනාකමටත් වඩා වැඩියෙන් ගෙවා ටෙලිකොම් ‘හච්’ ගන්න හදයි

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

පොල් ගෙඩියක් 200 සීමාවට

Admin

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin