Colombo Today Local Newsfeatured

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ජනතා විරෝධය හමුවේ වසර දෙකකට රුපියල් කෝටි 40 ක් ගෙවා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයෑමට ගෙන තිබූ තීරණය රටේ ඉහලම බලධාරියෙකුගේ නියෝගයෙන් අත්හිටුවා ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කර තිබේන බව එහි සඳහන්.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරීමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව එම නිවේදනයේ සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ කටයුතු පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලෙන් ඉවත්කර වසර දෙකක කාලයක් සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරීමට අරමුණු කළ ද ඒ සඳහා අනවශ්‍ය කරුණු උලුප්පා දක්වමින් විවිධ අර්ථකථන ලබාදීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දැරූ බව අධිකරණ අමාත්‍යාංශය අමාත්‍යාංශය චෝදනා කර සිටියි.

අනවශ්‍ය කරුණු කාරණා මතු කරමින් ගෙනයනු ලබන ව්‍යාජ වැඩපිළිවෙලවල් සහ කටකතා කණගාටුවෙන් යුතුව හෙළා දැකිය යුතු අතර සාකච්ඡා වට කිහිපයකින් පසුව අධිකරණ අමාත්‍යාංශය දැනට පවතින ගොඩනැගිල්ලේම පවත්වාගෙන යාමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

“බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ඉවත් නොකරන්න ජනපති-අගමැති සහතික වුණා“ – කාදිනල්තුමා

colombotoday

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday

20 සම්මත වුනොත් රට තුළ බලවත් විරෝධතා ඇතිවෙනවා – පාඨලී චම්පික

colombotoday

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday