World

කුපිත වූ වැසියෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුර ග්වාතමාලාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇත. මෙවර අයවැය ඔස්සේ සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන්කර ඇති ප්‍රතිපාදන අඩුකිරීම හේතුවෙන් කෝපයට පත් දහස් ගණනක් ග්වාතමාලා වැසියන් මේ වන විට වීථී බැස ඇති අතර ඔවුන් අතුරින් පිරිසක් මෙලෙස පෙරේදා (21 වැනිදා) කොංග්‍රස ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට) ගිනි තබා තිබේ.

පසුගිය කාලයේ එකපිට එක පැමිණි සුළි කුණාටුවලින් ග්වාතමාලා ජනජීවිතය සුණුවිසුණු කර ඇති අතර අනතුරුව ඇති වූ ධාරාණිපාත වැසි සහ ගංවතුර තත්ත්වයන් මත වෙරළබඩ සහ තැනිතලාවල වැසි​යෝ නගරබද සහ උස්බිම් ප්‍රදේශවෙත සංක්‍රමණය වී සිටිති. රට පුරා ජනතාව දුගී බවෙන් මිරිකෙද්දී කොංග්‍රසය විසින් 2021 අයවැය යෝජනා හරහා ආහාර දීමනා කපා දමමින්, සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වෙන්කරන ප්‍රතිපාදන අඩුකිරීම හේතුවෙන් මෙලෙස ග්වාතමාලා වැසියෝ කෝපගැන්වී සිටිති.

Related posts

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

අපට තවත් තර්ජණය කළොත් ඇමරිකාවට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ඨික අවි වලින් – උතුරු කොරියාව අණතුරු අගවයි

colombotoday

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

හිස්බුල් මුජාහිදීන් නායකයා ඉන්දියාවට පහර දීමට තලේබාන් ත්‍රස්තයන්ගේ සහය පතයි.

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin