Colombo Today Local News

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

වැලිකන්ද,මහවැලිතැන්න,සිංහපුර ප්‍රදේශයේ පිහිටි ගෙවත්ත වළදමා තිබූ ජීව අත් බෝම්බ දෙකක් අද(10)දිනයේ හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.

එම ඉඩමේ හිමිකරු වන ඒ.එන්.එස්.මොහමඞ් (56) යන අය විසින් වැසි ගෙවත්තේ කාණුවක් කපමින් සිටියදී මෙම ජීව අත් බෝම්බ හමුවී තිබේ.

ඒ බව වැලිකන්ද පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය එහි ගොස් විමර්ශන කටයුතු සිදු කර ඇත. එම අත් බෝම්බ දෙක බෙහෙවින් දිරාපත්ව තිබූ බවත් පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් විසින් එම බෝම්බ ඒ ස්ථානයේ වලදමන්නට ඇති බවටත් පොලීසිය සැක කරන බව විමර්ශන සිදු කරන නිලධාරීහු කීහ.

මෙම ජීව අත් බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීම සඳහා අරලගංවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ට දැනුම් දුන් බවත් අද දිනයේ එම නිලධාරීන් පැමිණ එම බෝම්බ නිෂ්ක්‍රීය කර විනාශ කර දැමීමට කටයුතු කරනු ඇති බවත් පොලීසිය පැවැසීය.

වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්‍ෂණ පවත්වයි.

Related posts

සිංහල සිසුන්ට පහරදීම හින්දු සම්මේලනය හෙළා දකී.. අන්තවාදීන් අත්අඩංගුවට ගන්න, පොලිස්පතිට ලියයි!

colombotoday

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

මහ මැතිවරණයට ‘පොහොට්ටුව‘ සන්ධානයෙන්…

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් එජාපයෙන් ඉල්ලන්න යයි. තවත් අර්බුදයක පෙරනිමිති

colombotoday

ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කල හිටපු පොලිස් ලොක්කෙකුට වසර 5ක සිර දඬුවමක්

Admin

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday